හේන් ගොවියා

ශ්‍රි ලංකාව  කෘෂි ආර්ථික රටාවකට හිමිකමි කියන රටකි. ලංකාවේ ගොඩමඩ වශයෙන් ගොවිතැන් පවතියි. ගොඩ ගොවිතැන වශයෙන් සැලකෙන්නේ වර්ෂා ජලය අපේක්ෂාවෙන් කෙරෙන ගොවිතැන්ය. මේවා හේන් ගොවිතැන් ලෙසද හැදින්වේ. බොහෝ විට හේන් ගොවිතැන් දක්නට ලැබෙන්නේ වියළි කලාපයේය. උද්‍රහරන ලෙස ඌව පළාතේ පහළ ඌවේ මොණරාගල වැල්ලවාය වැනි කලාප දැක්විය හැකිය.

‍                           හේන් ගොවිතැන ඉතාම දුෂ්කර වු කාර්යයකි.හෙනක් සකස් කිරිම සදහා මුලින්ම කැලා කපා එළිපෙහිලි කර පුළුස්සා ගත යුතුය. අනතුරුව ඒ බිම් කොටස වටකොට හොද සවිමත් දඩුවැටක් බැදිම කල යුතුය. ඉන් පසුව බිම් පෙරලා සකස් කිරිම සිදු කරයි. නියමිතවැසි කාලය බලාබීජවැපිරිමසිදුකරයි.බෝහෝ විට හෙන්වලවගාකරනුයේ කුරහන්,තල,මුංඇට,කොල්ලු,බඩඉරිගු,වැනි ධාන්‍යවර්ගත් මිරිස්,බටු,වට්ටක්කා,පිපිඤ්ඤා,මෑ,බණ්ඩක්කා,වැනි එළවළු වර්ග වගා කරයි.එවා ක්‍රමවත් පිළිවෙලට සකස් කරගැනිමට හේන් ගොවියා දනිති. හේන් ගොවියාගේ සියලුම අපෙක්ෂාවන් මේ ගොවිතැන හා බැදි පවති.

                         pala හේනේ කටයුතු සදහා පවුලේ ලොකු කුඩා සියල්ලෝම එක් වෙති.එහෙත් බෝහෝ අමාරු වැඩ කොටස කරන්නේ හේන් ගොවියා විසිනි.ගෙවිලිය හා දරුවෝ අත් උදව් සපයති. හේන් වැපිරිමෙ පටන් අස්වනු නෙළන කාලයවනතෙක්ම හේන අරක්ෂා කළ යුතු වේ. මන්ද යත් සතා සිව්පාවුන්ගෙන් සිදු විය හැකි අනතුරු බහුල නිසාය. ඒ සදහා හේනේ උස ගසක පැලක් සදයි.හේන් ගොවියා මහරෑ ගත කරන්නේ එම පැළේය. එහිදි කාන්සිය පාළුව නැති කර ගැනිම සදහා පැල් කවි කියයි.ඇතැම් අවස්ථාවලදි හේනට එන අලින්ගෙන් පවා මිනිසුන්ට කරදර සිදුවෙයි. මෙහි සියලු කරදර විද ගනිමින් වැසි ජලයේ පිහිට පතමින් හේන් කරන ගොවියාට වැස්ස නොපැමිනියහොත් සිදු වන්නේ මහා පාඩුවකි. එසේ වුවහොත් හය මසක පමණ සියලු ශ්‍රම ශාත්තියත් අනාගත බලාපොරොත්තුත් නියගය නිසා බිලිගනු ඇත.

                                ජිවිතයේ බෝහෝ කම්කටොලු මැද හේන් ගොවියා අපට අහාර සපයන බව අප සිහි තබා ගත යුතු වේ.එපමණක් නොව ඔවුන්ගේ බෝග වේළදපොළට ආවිට ඒවා මිලදි ගෙන ඔවුනට සහය දැක්විමද අප විසින් සිදු කල යුතුවේ…  

 

Advertisements
Posted in Uncategorized | Leave a comment

ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තය

ශ්‍රි ලංකාව වැවයි,දාගැබයි, කෙතයි යන පදනමින් සමාජ ක්‍රමය ගොඩනඟා ගත් කෘෂිකාර්මික රටකි. මුල්ම වැව තැනවු පණ්ඩුකාභය රජතුමාගෙන් පටන්ගත් වාරිකර්මාන්තය අද දක්වා පැවත එයි. අනුරපුර රාජ්‍යය යුගයෙදිත් ඉන් අනතුරුවත් රට සශ්‍රික සම්පන්න වුයේගොවිතැනින් ස්වයං පෝෂිත වු කාල වකවානුයේය. “පොළොවට වැටෙන එක ජල බිදුවක්වත් අපතේ නොයවනු”යනුවෙන් මහා පරාක්‍රමබාහු රජතුමා කල ප්‍රකාශය අදත් අපට කියන්නේ එවක රජවරු කෘෂිකර්මාන්තය කෙරෙහි දැක්වු උනන්දුවයි. ‘‘පෙරදිග ධාන්‍යාගාරය ”නමින් විරුදාවලිය ශ්‍රි ලංකාවට හිමිව පැවතියේත් අප පුරාන රජවරු කෘෂි කර්මාන්තයට දැක් වු ළැදියාවෙන් ලද පොෂනය හේතුවෙනි.

images6
කවුඩුළු වැව, කලා වැව, මින්නේරිය වැව, යෝධ ඇල වැනි යෝධ වාරි කර්මාන්ත අතිතයේ විභූතිය අදත් ප්‍රකට කරන සාදකය. කෙතෙක් කර්මාන්ත කෙරෙහි නැඹුරුවක් පළකලඳ දැනටත් ශ්‍රි ලංකාවේ පවතින යෝජනා ක්‍රම සලකන කල්හි පුරාණ අකල්ප තවමත් පවත්නා බවට හෙළිදරව්වේ. මහවැලි යෝජනා ක්‍රමය ඊට නිදසුනකි. අදියර කිහිපයකින් යුක්ත වු මෙම දැවැන්ත සංවර්දන යෝජනා ක්‍රමය යටතේ සශ්‍රිකත්වයට නැඹුරුවන වගා බිම් ප්‍රමානය සුළු පටු නෝවේ. එම වාරි කර්මාන්ත ආශ්‍රිතව වගා වන හා අස්වැන්න වර්ධනය කරගත් බිම් පෙර නොවු විරූ ලෙස වැඩි වි ඇත. වැසි ජලය අපෙක්ෂාවෙන් ම වගාකටයුතුවල නියලි සිටි ගොවියෝ මහවැලි ජලය හෙතුවෙන් කන්න දෙකම ගොවිතැන් කලහ. පසුකාලිනව කල සමිකෂණයකට අනුව එම ප්‍රදේශවල අස්වැන්න තෙගුනයකින් වර්ධනය වි ඇති බව අනාවරනය වි ඇත.
මෙම ව්‍යාපාර යටතේ ගොවි පවුල් පදිංචිකරුවා අහාර නිෂ්පාදනය වැඩි කිරිමට සැලසුම් කලේය. වි වගාව ඇතුළු ධාන්‍ය වර්ග මෙන්ම බෝංචි, කව්පි, මෑ,මුං ඇට,ළූනු, මිරිස්, රටකජු, එළවළු වැනි අතිරේක බෝග බෝග වගාවන් දියුනු කරවිය. එමෙන්ම වගා කටයුතු සංවර්දනය සදහා රජය මගින් සහනාදාර මෙන්ම උපදේශන සේවා සපයාදිම ද සිදුකොට ඇත. මේ සියල්ලෙම ප්‍රතිපල සාර්ථක ලෙස අත්විදින්නටනම් එම ගොවිතැන්හි නියැලෙන්නන් සහ එම අස්වනු මිල දි ගන්නන් එක අරමුණකින් කටයුතු කල යුතු වේ. ශ්‍රි ලංකාවේ කෘෂිකාර්මික දියුණුව වඩ වඩාත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි..

Posted in Uncategorized | Leave a comment

ගොවියකුගේ දිවි පෙවෙත

ගොවිතැනින් ජිවනෝපාය සලසා ගනු ලබන පුද්ගලයා “ගොවියා” ලෙස හැදින්වෙයි.ගොවියා රටට සමිපතකි.රටට බත සපයන්නේගොවියාය. එහෙයින් ගොවියා අගය කල යුතු පුද්ගලයෙකි.ගොවිකම ප්‍රසංශාවට ලක් විය යුතු වෘත්තියකි. ගොවියා දවස ගෙවන්නේ කෙසෙදැයි විමසා බලමු. ඔහු උදේ රැයින් පිබිද කම්මැලිකමින් තොරව තමාගේ කාරිය සඳහා හේනට හෝ කුඹුරට යයි. එහි ගොස් බිමි කෙටිම පස සකස් කිරිම ඇළ මාර්ග ආදිය සකස් කොට ජලය ලබා ගැනිම ආදි කටයුතු වල නිරත වෙයි. එම කාල සිමාවෙදි සිය ගොවිපලේ ඇති කුදු මහත් කටයුතු, එනමි වළවල් සැරිම,පැළහෝ ඇට වර්ග සිටුවිම, වතුර පොහොර ආදිය දැමිම, වල් පැල ඉදිරිම, කෘමිනාෂක බෙහෙත් ද්‍රව්‍ය දැමිම ආදි දෑ ඉටු කරයි. ගොවියා මුළු දිවා කාලය ගත කරනුයේ සිය ගොවිතැන් කටයුතුවලටය.
1348-6මේ අතර තුර ගොවි බිරිද හෝ දරුවෙක් ඔහුට තේ පානය රුගෙන එයි.ඒ පැමිනෙන තැනැත්තාගේ සහයද ගොවියාට ලබා ගත හැකිය. තේ පානය සඳහා සුළු කාල සිමාවක් මිඩංගු කරන ගොවියා යලිත් සිය වැඩ කටයුතු අරඹයි.දිවා බත කුඹුරට එන තුරුම ගොවියා වැඩ කරයි. දිවා කාලයෙදි කිසියම් වේලාවක් ජලස්නානය සඳහා වැය කිරිමට ඇතැම් ගොවියෝ රුචි වේති. එහෙත් බෝහෝ ගොවින් කරනුයේ සියලු වැඩ කටයුතු අවසන් වන හැන්දෑ යාමයේ දිය නෑමයි.
කේසෙ වෙතත් ගොවියා මෙහෙය වන කෙනෙක් නැත. ඔහු තමා විසින්ම සිතා මතා තම ගොවිතැන් කටයුතු දියුණුකර ගැනිමට උත්සහකරන ස්වාදින රැකියාවක නියැලෙන තැනැත්තෙකි. ඔහු කාලය හො ශ්‍රමය අපතේ යවන්නේකු නොවේ.ගොවියාට ඇති අවහිර බදා නම් අපමණය. පොහොර වර්ග, බිජ වර්ග, කෘමිනාෂක ආදිය ලබාගැනිමට ඇති අපහසුතා ඉන් කිහිපයකි. වියලි කලාපවල නම් ඔහුට ජල හිඟකම් වලට මහුණ දිමට සිදු වේ.ඒ හැරුණු විට ගංවතුර,නියඟය,සුළි සුලං වැනි ස්වාභාවික විපත් සහ කෘමි වසංගත හා වන සතුන් ගෙන් වන හිරිහැර ගොවි තැනට බඳා කරයි.
ඒ සියලු දේට මුහුණ දෙමින් රටට අහාර සපයා දිමටත් තමාගේ හා සිය පවුලේ ජ්වොනෝපාය සලසා ගැනිමටත් කටයුතු කරන ගොවියා ස්වාදින,නිදහස්,නිවහල් පුද්ගලයෙකි.මඩ සෙදු පසු ගොවියා රජ කමටත් සුදුසු යැයි කියන්නේ එම හේතුව නිසාය….

Posted in Uncategorized | Leave a comment

හොඳ මිතුරකු ලබන්නට නම්

අප පාසල් යන්නටත් පෙර අහල පහල නැ හිත මිතුරන්ගෙ නිවෙස්වල සිටින අය අපේ මිතුරන් වේ. අපි පෙර පාසල් අවදියට පත් වු විට අපට මිතුර මිතුරියන් හමුවේ. ඇතැම් අවස්ථාවලදි එම මිතු දම ජිවිතයේ අවසනය දක්වාම පවතින අයුරු දැක ගත හැකි වේ.

සමහර කාල වල ඉතා දැඩි මිතුරු දමකින් පසුවන අය සමහර කාලවලදි සතුරන් සේද හැසිරෙන අවස්තා ඇත. විටෙක මේ මිතු දම දැඩි සතුරුකමක් බවට පත්වේ. මේ කේසේ වුවද සමාජයේ වෙසෙන මිනිසුනට මිතුරන් අවශ්‍ය බව නම් ඉතා පැහැදිලි කාරනයකි.
අපි මඳක් සිතා බලමු අප කුඩා කල සිට මේ දක්වා යහළුවන් කොතෙක් සිටින් ඇත්ද?ඒ හැමෝම මතකයේ නැතත් සමහර අය මතකයේ නැත. මැතක් වන විට ඔබට මට හොඳම යහළුවකු හෝ දෙදෙනෙකු හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් සිටිය හැක. අපි ඔවුන්ට ඇලුම් කරමු. ඔවුන්ගේ දියුණුව යහපත දැක සතුටු වෙමු.දුකෙදි දුක්වි සැපේදි ප්‍රිති වන්නෙමු. ඇයි අප ඒසේ කරන්නේ.
අපත් ඔවුන් නිසා සතුටු වන නිසාය. අපගේ දුක හුදකලාව, පාළුව ඔවුන් නිසා නැතිවි යන නිසාය. අපේ පශ්න වලදි ඔවුනුත් ඊට මැදිහත් වි ඒවා නිරවුල් කරගැනිමට මැදිහත් වන නිසාය. ඒසේ නම් මිත්‍රයින්ගේ ඇසුර අප නිරතුරුවම පර්ථනා කරන්නක් බව පැහැදිලිය. එහෙත් බෝහෝ අවස්ථාවල මිතුරන් නිසා වැරදි වැඩවලට පෙළඹුණු මිතුරු ඇසුර නිසා කරදරයට පත් වු අය ගැන අපි අසා ඇත්තේමු. මෙහි අරුත කුමක්ද? එසේ විපතට පත් අය ඇසුරු කර ඇත්තේ, මිතුරු ලෙසින් සිටින පස මිතුරෝය. නැතහෝත් සතුරෝය. අපි මිතුරු ඇසුරේදි ප්‍රෙව්ශම් විය යුතුය.
students-620x330රුපයට වචනයට රැවටි කෙනෙකු තම මිතුරෝ ලෙස වැලද ගත යුතු නොවේ.මිතුරකුගේ ලක්ෂණඔහු හෝ ඇය ළග තිබෙදැයි සොයා බැලිය යතුය.
කේසේ වෙතත් සැම කෙනෙකුම කල්‍යාන මිත්‍රත්වය සැපතක් සේ පාර්ථනා කරන හෙයින් සැම කෙනෙකු ම යහපත් මිතුරු ලක්ෂණ වලින් සමන් විය යුතු වේ.
යහපත් බව,අවංක බව, විස්වාසි බව ඇති මිතුරන් ඇසුරට ගත යුතු අතර එම ගුණ වලින් යුත් මිතුරකු ලැබෙවායි මම පතමි…

Posted in Uncategorized | Leave a comment

ශ්‍රි ලංකාවේ වඳවි යාමට මුහුණ පා ඇති සතුන්

ශ්‍රි ලංකාව ඉතා අලංකාර වුත්,සිත් ඇද ගන්නාසුලු වුත් මනෝරම්‍ය දිවයිනකි. එහි සොබාසිරියත්,සත්තව සහ ශාක ප්‍රජාවතගේ ව්‍යාප්තියත්, දේශගුණික තත්වයත් මෙහි අලංකරය සඳහා බෙහෙවින් තුඩුදේ. එහෙත් මෑතක සිට අප රටට අලංකාරයක්ව පැවති බෝහෝ සත්තු වඳ වි යාමෙ තර්ජනයකට මුහුණ පාමින් සිටි.
ඒ අතරින් සමුහික සත්තව කොට්ඨාස අතර කුරුල්ලන්,සමනලයින් සහ මාළුන් වර්ග වල හින විම කැපි පෙනෙයි.පරිසර දුෂණය මෙහිලා විශේෂයෙන් බලපාන බව කිය යුතුය. කර්මාන්තශාලා, හෝටල් සහා ගෘහාශිතව ද සිදුවන බෝහෝ ක්‍රියාවන් හෙතුවෙන් ජල දුෂණය සිදු වන බැවින් මසුන් විනාෂ වි යාම බහුලව සිදු වේ. කෘමිනාෂක හා වෙනත් පාරිසරික දුෂණයන් හේතුවෙන් කුරුල්ලන් සහා සමනලයින් ද වඳ විමෙ තර්ජනයකට මුහුණ දි ඇත.
මේ හැරුණු විට අලියා,කොටියා,කිඹුලා සහ පිඹුරා වැනි සතුන්ද වද වි යාමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් අතර වේ. මෙකි සත්වයින් වදවි යාමට මුලික හෙතුව වන්නේ මිනිසුන්ගෙ නොමනා ක්‍රියා කලාපයන්ය.
vilmuwaඅදික ජනගහනය හේතුවෙන් සත්තව ප්‍රජාවට ජිවත් විමට ඇති වනගහනය අහිමි වි යාම මුලික තර්ජනයකි.මුදල් තණ්හාවෙන් වන විනාෂය ශ්‍රීඝ ලෙස සිදු කරන මිනිසා සත්තව ප්‍රජාව හෝ ශාක ප්‍රජාව ගැන නොසලකයි. මෙ හැරුණු විට ඇතුන්ගේ දල ගැනිම සඳහා ඇතුන් ඝාතනය කිරිම රහසිගතව බහුලව සිදු කෙරේ. කොතෙක් නිති රිති තිබුනද ඒවා පිලි ගැනිමට තරම නිති හිතෛෂි නොවෙති. වෙඩි තැබිම් විදුලි රැහැන් ඇදිම් අලි විනාෂ විමට තවත් කරුනකි.
කඩිනමි අරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කොට ඉතිරි වි සිටින සතුන් බෙරාගැනිමට වගකිව යුක්තෝ ඉදිරි පත් වෙත්වා…

Posted in Uncategorized | Leave a comment

අපි අසල්වැසියෝ

මිනිසුන් වන අපට හුදකලාව ජිවත් විය හැකි නෝවේ. මන්ද යත් එකිනෙකා සතු බෝහෝ අවශ්‍යතාවන් ඇති බැවිනි.අප ජිවත් වන කෙටි කාල සිමාවේදි අපට බෝහෝ අයගෙන් උදව් ලබා ගැනිමට සිදු වන අතරම බෝහෝ අයට උඳව් කිරිමටද සිදුවේ.එහෙයින් අප එකිනෙකා සමඟ සම්බන්දතා සහිතව ජිවත් විය යුතුය.

අප ඉතා ඉක්මනින් සබඳතා ගොඩනගා ගන්නේ අපේ අසල්වාසින් සමඟය.අසල්වාසින් යනු අප ජිවත් වන නිවස අවට වටපිටාවේ නිවස් වල ජිවත්වන අයයි. අපි මුලින්ම ඒ අය හදුනාගත යුතු වේමු.ඔවුන් කොයි අකාරයේ රැකියා කරන කිනම් පරිසරයකට ප්‍රිය කරන කුමන වයස් තරා තිරම් වල අයදැයි දැන සිටිම බෙහෙවින් වැදගත් වේ. ඒසේ දැන සිටිමෙන් ඔවුන් හා ඇසුර බෙහෙවින් පහසු වනු ඇත. අසල්වාසින් ගැන සැලකිමෙදි දුප්පත් බෝහොසත් කුල මල බේද තැකිමක් නොකල යුතු වේ. සදාචාරසම්පන්න මිනිස් කොට්ඨාසයක් ලෙස ඔවුන් හා ඇසුර ගෝඩනගා ගැනිම ඉතා වැදගත් වේ. අපි අසල්වැසියන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතුදැයි විමසා බලමු. ඔවුන්ගේ නිදහසට බදා නොවන අයුරින් ජිවත් විම මුලික වශයෙන් වැදගත් වේ. එය කිහිප අකාරයකින් සිදු විය යුතුය. පාරිසරික වශයෙන් කුණු කසල ආදිය ඉවත දැමිමේදිත් ගුවන් විදුලිය,කැසට් යන්ත්‍රය හෝ රුපවාහිනිය පාවිච්චි කිරිමේදිත් වෙනත් අපගේ ක්‍රියාවනගේදිත් අපේ අසල්වැසියන්ට හානි නෝවනසේ සිදු කල යුතුය.
අපේ අසල්වැසියාට කරදරයක් විපතක් සිදුවු විට පිහිට විම අනිවාර්්‍යය වේ. එසේම අපගේ උත්සව වලදි ඔවුන් සමග එක්වි එය භුක්ති විදිමට අමතක නෝකල යතුය.

අපට හෝද අසල්වාසින් ලැබෙන්නේ අපි අසල්වාසියෙක් වු තරමට බව මතක තබා ගන්න. එහෙයින් අපි නිතරම අපේ අසල්වාසින්ට හිතවත්ව මිත්‍රශිලිව කටයුතු කිරිමට වගබලා ගනිමු….

Posted in Uncategorized | 1 Comment

තාරුණ්‍ය‍ෙය් ඛේදවාචකය

අම්මාගේ, අප්පච්චි‍‍ෙග් අතේ එල්ලිලා ඉස්කොලේ ගිය කලේ නොදැනිම ගිහිල්ලා.සේල්ලම් බත් උයපු , බොනික්කො නලවපු කාලේ දැන් හිනයක් විතරයි.අපිවත් දන්නේ නැතුව අපි තරුණවියට පා තබලා. අධ්‍යාපනය වගේ වටිනාකම් එක්ක අපේ ජිවිතය ටිකක් හිරවේලා. වගකිම්වල බර ටිකෙන් ටික හිතට දැනේන්න පටන් ගන්නවා. ඒත් සරසවිය,පාඨමාලා, උපාදි,රැකියාවෙනුනේ තරගයක යෙදෙන තාරුණ්‍යයේ සිටින කාටත් දරය කියන්නේ නවමු අත් දැකිමක්.
අපි අද දකින තාරුණ්‍ය‍ෙය් ආදරය වෙනස්ම අරක්ගෙන තියෙන බවක් පෙනවා. අතීතයේ පුරාවෘත්ත ගතවුන රෝමියෝ ජුලියට්, සාලිය අශෝකමලා ,රමා සිතා වැනි ප්‍රේමවන්තයන් අද සිටිනවාද යන්න ගැන නම් ලොකු සැකයක් තියෙනව. අද ගොඩක් තරුණ තරුණියන්ට අාදරය කියන්නේ ආවේගශිලි හැගිමක් පමණයි. ඔවුන් ආදරය කරන්නේ සැබවින්ම තමන්ගේ සිත තුලින් එන සැබෑ හැගිමෙන්ද කියන එක ගැටලුවක්. අද පෙම් පලහිලව් නිසා තරුණ ජිවිත බිලිඅරන් තියේන විදිය දැක්කම එය හෝදටම පැහැදිලි වෙනවා. එත් මේ විපර්යාසයට තරුණපිරිස්වලටම දොස් කියන්න බෑ.
21 වන සියවසේ තරුණ තරුණියන් විදියට නව ලොකය ,නව තාක්ෂනය හා මුහුවු තාරුණ්‍යයක්අද ශ්‍රි ලංකාවේ ජිවත් වෙන්නේ.මේවත් එක්ක සාංස්කෘතියට ඉහල වටිනාකමක් තියෙන ශ්‍රි ලංකාවේතරුණ තරුණියන්ට බටහිර සිරිත් විරිත්,ආකල්ප අරෝපනය විම පුදුමයක් නෝවේ. අන්තර්ජාල ජංගම දුරකථනය වගේ තාක්ෂණික අම්පන්න තරුණ ජිවිතවල ප්‍රබල තැනක් හිමි වන්නේ මේ අම්පන්නවලටයි.බොහෝ දුරට අද තාරුණ්‍යය එක කෙටි පණිවුඩයකින්,ෆේස්බුක් පණිවුඩයකින් තමන්ගේ ආදරය සොයා ගන්නා තත්ත්වයට පත්වෙලා. ඔවුන්ගේ ආදරය බෝහෝවිට රදාපවතින්නේ කෙටි පණිවුඩයක් මගිනි. ඇතැමි වෙලාවට එකිනෙකා දැකලවත් නැති වර්තමා තරුණ පරපුරේ මේ ආදරයට හේතු වන්‍ෙන් අකර්ශනය මිස ආදරය නොවෙයි. ඒ හින්දම තමයි අද තරුණ්‍යයකිසිම තැකිමක් නැතිව තමන්ගේ ආදරය අතින් අත හුවමාරු කරන්නෙත් එක ආදරවන්ත‍ෙයක් වෙනුවට ආදරවන්තයන් කිපදෙනෙක්ම ඇසුරු කරන්නත් පෙලඹෙන්නේ. ටෙලිනාට්‍ය, වෙළඳ දැන්විම් මවන ෆැටන්සි ලොකයත් තාරුණ්‍ය‍යේ ආදරය දියාරු බවට පත්කරන්නටත් අන්ධබාවයට පත්කරන්නටත් හේතු වෙන්න පුළුවන්.
මේ දිහා බලන විට ආදරය මොනතරම් පරිහානියට පත්වේලාද කියලා හිතෙනවා.අද තරුණ ආදරය හා වෛරය අතර කෙස් ගහක් තරම් වත් පරතරයක් නෑ. මේ හැම දෙයින්ම පැහැදිලි ‍ෙවන එක දෙයක් තමයි ,තරුණ තරුණියන් අද ආදරයේ ස්වරුප ගැන මුලාවකට පත්වෙලා බව. ආදරය කියන්නේ පරිත්‍යාගයක්, එකි නෙකා වෙනුවෙන් කරනු ලබනකැප කිරිමක් විදියටයි අතිතයේ පටන්ම ආදරය අර්ථ දක්වා තියෙන්නේ. ඒත් අද ආදරය කියන්නේ තාරුණ්‍යයයේ භෂාවෙන්ම කියනවානම් ‍“ආතල් වැඩක්” විතරයි. ඒ හින්දම වහ බොතලයකින්,පිහියකින් තරුණ ජිවිත කියක් විනාශ වෙනවද?
නමුත් මේ අතර සැබවින්ම ආදරය ලබන අත්තලොස්සක්ද සිටින බව කිය යුතුය.ඇත්තටම තාරුණ්‍යය හැමදාම අපිත් එක්ක නොතිබේවි. ඒ නිසා තාරුණ්‍යෙයේ වගකිම්,සුන්දරත්වය සමඟ සැබෑ ආදරය සොයන්නට, විඳින්නට හැකිනම් ජිවිතය දෙස නැවත හැරි බලන විට කවදාවත් පසුතැවිමක් සිදු නෝදැනේවි.

Posted in Uncategorized | 1 Comment